වීඩියෝව: ශ්‍රී ලංකාවේ දිට්වා සුලි කුනාටු ව්‍යසනය සහ ආන්ඩුවේ නොතැකීම ගැන කම්කරුවෝ කතා කරති

[මෙය Video: Workers speak on Cyclone Ditwah disaster and government neglect in Sri Lanka යන මැයෙන් 2025 දෙසැම්බර් 12 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

දශක ගනනාවකට පසු ශ්‍රී ලංකාව තුල දිග හැරුනු දරුනුතම මානුෂීය ව්‍යසනය වන දිට්වා සුලි කුනාටුවෙන් දිවි ගලවා ගත් අය සමඟ ලෝක සමාජවාදී වෙබ් අඩවිය කතා කලේ ය. නොවැම්බර් 27 වන දින එය ඉන්දියාවට ඇතුලු වීමට පෙර, මෙම සුලි කුනාටුවෙන් 635 කට වැඩි පිරිසක් මියගිය බව තහවුරු ව ඇති අතර 200 කට ආසන්න සංඛ්‍යාවක් තවමත් අතුරුදහන් ව සිටිති.

ලෝසවෙඅ සම්මුඛ සාකච්ඡාවට ලක් කල දිවි ගලවා ගත් ජනයා, සැඩ පහර නිවාස තුලට කඩා වැදෙමින්, පවුල් පිටින් අතුගා දමමින්, තත්පර ගනනකින් නිවාස කඩා විනාශ කල ආකාරයත් විස්තර කලහ. එක් නිවැසියෙක් තම පුතාගේ නිවස ජලයෙන් යට වී ගිය ආකාරය සහ අසල නිවාස දෙකක් කඩා වැටුනු ආකාරය විස්තර කල අතර, පන පිටින් වැලලී ගිය ඔහුගේ ඥාතීන්ගේ මල සිරුරු තවමත් අතුරුදහන් ව ඇති බව පැවසී ය. එවන් ඛේදජනක කතා අපමන ය. දිවයින පුරා මිලියන 1.7 කට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇති අතර, දස දහස් ගනනක් දෙනා දැන් ජනාකීර්න නවාතැන්වල තදබද වී සිටිති.

කුනාටුවේ පරිමානය ගෝලීය උනුසුම සමඟ—එනම්, වේගයෙන් උනුසුම් වන සාගර ජලය සහ අධික වර්ෂාපතනය සමග—සම්බන්ධ වී ඇති ආකාරය විද්‍යාඥයින් විසින් පෙන්වා දුන්නත්, ව්‍යසනය මෙතරම් උග්‍ර වූයේ දශක ගනනාවක දේශපාලන නොසැලකිල්ල නිසා ය. අනතුරු ඇඟවීමක් හෝ පදිංචිකරුවන් ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ කිසිදු උත්සාහයක් නොගත් ආකාරය දිවි ගලවා ගත් අපට විස්තර කලෝ ය. කලින් දැනුම් නොදී ජලාශවල සොරොව් විවෘත කිරීම ඇතුලු ආන්ඩුවේ වැරදි කලමනාකරනය, දේශගුනික ව්‍යසනයක් මානුෂීය ව්‍යසනයක් බවට පරිවර්තනය කලේය.

මෙම සම්මුඛ සාකච්ඡා හෙලිදරව් කරන පරිදි, මෙම විනාශය ස්වභාවධර්මයෙන් පමනක් පැහැදිලි කල නොහැකි ය. එය මුල් බැස ඇත්තේ, ධනවාදය විසින් ජීවිතය ලාභයට යටත් කිරීම තුල ය. සුලි කුනාටුවේ බලපෑම, වසර ගනනාවක කප්පාදුව, වන විනාශය, අනාරක්ෂිත නිවාස ඉදිකිරීම් සහ පොදු යටිතල පහසුකම්වල ඛාදනය පිලිබිඹු කරයි. දිට්වා යනු ශ්‍රී ලාංකික ව්‍යසනයක් පමනක් නොව, ගෝලීය අනතුරු ඇඟවීමක් ද වේ.

Loading