[මෙය Israel continues to bombard Iran after Trump announces ceasefire මැයෙන් ජූනි 24දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනය යි.]
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වූ බව කියා පෑමෙන් පසු ව, සඳුදා ඊශ්‍රායල යුධ ගුවන් යානා මගින් අතොරක් නැති ව ඉරානයට බෝම්බ හෙලීමක් අඛන්ඩ ව ගෙන ගියේ ය.
දින 12 ක් තිස්සේ ඊශ්‍රායලය ඉරානයට දරුනු ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එයින් පුද්ගලයින් 400 කට වැඩි පිරිසක් මිය ගොස් 3,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. ජුනි 13දා, සාකච්ඡාවල ආවරනය යටතේ, ඊශ්‍රායලය ඉරානයේ සන්නද්ධ හමුදා අනදෙන නිලධාරී මේජර් ජෙනරාල් හොසේන් සලාමි ඇතුලු ඉරාන හමුදා සහ සිවිල් නායකයින් 20 කට වැඩි පිරිසක් ඝාතනය කලේ ය. එක්සත් ජනපදය ඉරිදා යුද්ධයට එක් වූ අතර, ප්‍රධාන ඉරානයේ ප්‍රධාන සිවිල් න්‍යෂ්ටික ස්ථාපනයන් තුනකට දැවැන්ත බෝම්බ 14 ක් හෙලුවේ ය.
ට්‍රම්ප් සඳුදා සවස නිවේදනය කලේ, “ඊශ්‍රායලය සහ ඉරානය අතර පරිසමාප්ත සහ සම්පූර්න සටන් විරාමයකට -CEASEFIRE- එලැඹෙනු ඇති බවට එකඟ වී ඇති අතර,” නිවේදනයෙන් පැය හයකට පසුව එය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
ට්‍රම්ප් ඔහුගේ ප්‍රකාශය සිදු කලේ, කටාර් සහ ඉරාකයේ ඇමරිකානු කඳවුරු වෙත ඉරානය බැලස්ටික් මිසයිල දියත් කිරීමෙන් පසුව ය. ඉරානය ප්‍රහාර පිලිබඳ ව එක්සත් ජනපදයට අනතුරු ඇඟ වූ බවත්, එකදු මිසයිලයක්වත් ඒවායේ ඉලක්කයට නොවැදුනු බවත් ඔහු කියා පෑවේ ය.
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය පැවසුවේ, එක්සත් ජනපද කඳවුරු වෙත දියත් කරන ලද මිසයිල සංඛ්‍යාව ඉරානයට හෙලන ලද එක්සත් ජනපද බංකර්-බස්ටර් බෝම්බ ප්‍රමානයට අනුපාතික බවයි. එක්සත් ජනපද බෝම්බවල TNT (අතිශය පුපුරනසුලු ද්‍රව්‍යයකි) රාත්තල් 30,000 ක පලයක් ((yields) ජනනය කල අතර, වෙඩි තබා හෙලන ලද ඉරාන මිසයිලවල පලය ඊටවඩා 15-30 ගුනයකින් අඩුය. (න්‍යෂ්ටික අවියකින් සිදුවන පිපිරීමක බලය එහි 'අස්වැන්න' ලෙස හඳුන්වන අතර එය 'TNT ඒකක' වලින් මනිනු ලැබේ, එනම් එම ප්‍රමානයේ පිපිරීමක් TNT කොපමන ප්‍රමානයක් නිපදවයිද යන්නයි. දෙවන ලෝක යුද්ධයේදී ජපානයට හෙලන ලද බෝම්බවල TNT කිලෝටොන් 15 ක් හෙවත් TNT රාත්තල් 30,000 ක් පමන තිබුනි.-පරිවර්තක).
“අතිශය දුර්වල ම ප්‍රතික්‍රියාව”තමයි “අප ඔවුන්ගේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කිරීමට ඉරානයේ ප්‍රතිචාරය වුනේ” යැයි ට්‍රම්ප් පැවසීය. “අපට කලින් දැනුම් දීම ගැන ඉරානයට ස්තූති කිරීමට මම කැමතියි” යනුවෙන් ඔහු අවසානයට කීවේ ය.
අඟහරුවාදා අලුයම, ඉරාන විදේශ අමාත්‍ය සෙයිඩ් අබ්බාස් අරග්චි X හි සටහනක මෙසේ ලිවී ය: “ටෙහෙරාන් වේලාවෙන් අලුයම 4 ට පෙර ඊශ්‍රායල තන්ත්‍රය ඉරාන ජනතාවට එරෙහි නීති විරෝධී ආක්‍රමනය නතර කලහොත්, ඉන් පසු ව අපගේ ප්‍රතිචාරය දිගට ම කරගෙන යාමට අපට කිසිදු අදහසක් නැත. අපගේ හමුදා මෙහෙයුම් නැවැත්වීම පිලිබඳ අවසන් තීරනය පසුව ගනු ලැබේ.”
“රටවල් ගනනාවක් ඉරානයට තමන්ගේ ම න්‍යෂ්ටික යුධ අවි සෘජු ව ම සැපයීමට සූදානම්” යැයි හිටපු රුසියානු ජනාධිපති මෙඩ්වෙඩෙව් ප්‍රකාශ කිරීමෙන් අනතුරු ව, සඳුදා උදෑසන, ට්‍රම්ප් ඉරානයට එරෙහි යුද්ධයේ සන්දර්භය තුල රුසියාවට එරෙහි ව වක්‍රාකාරයෙන් න්‍යෂ්ටික තර්ජනයක් කලේ ය.
මෙම ප්‍රකාශයට ට්‍රම්ප් පිලිතුරු දුන්නේ, “ඒ කොයි හැටි වෙතත්, සති අන්තයේ අපගේ ‘දෘඩාංග’ විශිෂ්ට යැයි යමෙකු සිතන්නේ නම්, එයටත් වඩා බොහෝ සෙයින්ම ශක්තිමත්ම සහ හොඳම මෙවලම ලෙස වසර 20ක් තරම් ඉදිරියට වර්ධනය කල න්‍යෂ්ටික සබ්මැරීන අප සතු ව පවතින බව සිහිපත් කල යුතු ය”.
එදින උදෑසන, ට්‍රම්ප්, ඉරානයේ පාලන තන්ත්‍ර වෙනසක් ඉල්ලා සිටිමින්, “පාලන තන්ත්‍ර මාරුවක්” යන යෙදුම භාවිතා කිරීම දේශපාලනික වශයෙන් නිවැරදි නොවේ, නමුත් වත්මන් ඉරාන පාලන තන්ත්‍රයට ඉරානය නැවත ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට නොහැකි නම් (MAKE IRAN GREAT AGAIN), පාලන තන්ත්‍ර මාරුවක් සිදු නොවන්නේ මන්ද?” යනුවෙන් ප්‍රකාශ කලේය.
ඇමරිකානු කඳවුරු ඉලක්ක කරගත් ඉරාන මිසයිල දියත් කෙරුනේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉරානයේ ඉහලම රාජ්‍ය තාන්ත්‍රික අබ්බාස් අරග්චි අතර පැවති හමුවකින් පසුවය. ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරය හෙලා දකින අතර, රුසියාවට උපායමාර්ගික ගිවිසුමක් ඇති ටෙහෙරානය ආරක්ෂා කිරීමට පුටින් කිසිදු කැපවීමක් කලේ නැත.
එක්සත් ජනපද මාධ්‍ය එක්සත් ජනපද කඳවුරුවලට ඉරාන ප්‍රහාර “සීමිත” යැයි හැඳින්වීය. කුවේට් විශ්ව විද්‍යාලයේ බදර් අල්-සයිෆ් වෝල් ස්ට්‍රීට් ජර්නලයට පැවසුවේ, “[හෝර්මුස්] සමුද්‍ර සන්ධිය වසා දැමීම හෝ නැව්-නැව් අතර ප්‍රහාරයක් සමඟ සසඳන විට මෙය කලමනාකරනය කල හැකි දෙයකි.”
ඇමරිකානු ප්‍රහාරයට ඉරාන ප්‍රතිචාරය සීමිත වීම සමපාතවූයේ, 2020 දී විදේශයන්හි ඉරානයේ හමුදා මෙහෙයුම්වල ඉහලම අනදෙන නිලධාරි ජෙනරාල් කසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමට එරෙහිව ඉරාන ප්‍රතිචාරයන් ය. එහි දී, ඉරානය, ඉරාකයේ ඇමරිකානු හමුදා කඳවුරකට බැලස්ටික් මිසයිල 12 ක් දියත් කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස කිසිදු ජීවිත හානියක් සිදු නොවී ය.
ට්‍රම්ප් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබිය දී ත්, ඇමරිකානු දේශපාලන සංස්ථාපිතයේ කොටස් ඉරානයේ සීමිත ප්‍රතිචාරයෙන් ප්‍රයෝජන ගන්නා ලෙසත්, එරට යුද අරමුනු පුලුල් කරන ලෙසත් එක්සත් ජනපදයෙන් ඉල්ලා තිබේ.
“ඉරානය බලගතු ලෙස සංඥා කලේ, එය සටනට කැමති නැති බවයි” යනුවෙන් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත කතුවැකියකින් උදම් ඇනුවේ ය. “සත්‍යය නම් එය තවදුරටත් සටනක් කිරීමට තරම් ශක්තිමත් තැනක නොසිටීම යි. ඉරානය දුර්වලයි, එහි පාලන තන්ත්‍රය එක්සත් ජනපදයට හෝ ඊශ්‍රායලයට වෙඩි තැබීම දිගටම කරගෙන ගියහොත්, එය තම පැවැත්ම ම අවදානමට ලක්කර ගනියි.”
සඳුදා උදෑසන ට්‍රම්ප් “පාලන තන්ත්‍රමාරුව” ගැන කල ප්‍රකාශ අනුමත කිරීමට ඉදිරියට ගිය කතුවැකිය, “පාලන තන්ත්‍රය පෙරලා දැමීමට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙකු අවශ්‍ය නොවේ; තත්කාර්යවාදියෙකුට එය කල හැකි වෙනු ඇත. සඳුදා එක්සත් ජනපදයට එරෙහි ව පලිගැනීමේ දී අයතුල්ලා පසුබට වූ තාක් දුරට, ඔහු අනතුර හඳුනාගෙන ඇති බව පෙන්නුම් කරයි.”
ට්‍රම්ප්ගේ ප්‍රකාශිත සටන් විරාමයට පෙර, ඊශ්‍රායලය ටෙහෙරානයට මෙතෙක් එල්ලකල දරුනුතම බෝම්බ ප්‍රහාර කිහිපයක් දියත් කල අතර, ඒවා ඉලක්ක කලේ, “පාලන තන්ත්‍ර ඉලක්ක සහ රජයේ මර්දන ආයතන” ලෙස හැඳින්වූ දේවල් ය. ඉලක්ක අතර බන්ධනාගාරයක් මෙන්ම ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට අමතර ප්‍රහාර ද ඇතුලත් විය.
සඳුදා අලුයම ටෙහෙරානය අසල පිහිටි “ඉරාන රජයේ හමුදා මූලස්ථානය, මිසයිල නිෂ්පාදන ස්ථාන, රේඩාර් පද්ධති සහ මිසයිල ගබඩා යටිතල පහසුකම්” වෙත අයිඒඑෆ් (ඊශ්‍රායල් ගුවන් හමුදා) ප්‍රහාරක ජෙට් යානා 50 කට අධික සංඛ්‍යාවක් යොදාගෙන කරන “පුලුල්” ප්‍රහාර රැල්ලක්, ඊශ්‍රායල් හමුදාව විසින් නිවේදනය කෙරුනි. ප්‍රකාශය සඳහන් කලේ, පැය 2 ක කාලයක් තුල බෝම්බ 100 කට වඩා හෙලූ බවයි.
මේ අතර, ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරය සඳුදා ද දිගටම පැවති අතර, ඊශ්‍රායල හමුදා පැය 24 ක කාලයක් තුල පුද්ගලයින් 43 දෙනෙකු ඝාතනය කල බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 2023 ඔක්තෝබර් මාසයේ පටන් දියත් කරන ලද ඊශ්‍රායල ජන සංහාරයේ සමස්ත මරන සංඛ්‍යාව 56,000 ද ඉක්මවා ඇත.
සඳුදා මිය ගිය අය අතර, එක්සත් ජනපදය සහ ඊශ්‍රායල සහාය ලබන ගාසා මානුෂීය පදනම (GHF) විසින් ක්‍රියාත්මක කරන ලද මධ්‍යස්ථානයකින් ආහාර ලබා ගැනීමට උත්සාහ කල, ආධාර බලාපොරොත්තුවෙන් සිටි 20 කට වැඩි පිරිසක් ඇතුලත් වූහ.
ඊස්‍රායල දිනපතා ම පාහේ “ආධාර” මධ්‍යස්ථානවල සංහාරයන් සිදු කර තිබෙන අතර, මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෙලාදැකීමට ලක් ව ඇත්තේ, ආධාර “ආයුධකරනය” කිරීමේ උත්සාහයක් ලෙස ය. ගාසා මානුෂීය පදනම එහි වැඩකටයුතු ආරම්භ කල දා සිට, ඊශ්‍රායල හමුදාව එහි මධ්‍යස්ථාවලට එල්ල කල ප්‍රහාරවලින් 400 කට අධික පිරිසක් මිය ගොස් 1,000 කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ඊශ්‍රායල රජය විසින් හිතාමතාම සාගතයට පත් කිරීමේ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස ගාසා තීරයේ මන්දපෝෂනය ඉහල යමින් පවතී.
ගාසා සංහාරයට සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටනට එක්වන්න!