1989-90 කාලපරිච්ඡේදය තුල ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් ගෙන ගිය ෆැසිස්ට් භීෂන ව්‍යාපාරය තුල දී, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමි විප්ලවවාදි කොමියුනිස්ට් සංගමයේ (විකොස) තරුන සමාජිකයෙකු වූ ග්‍රේෂන් ගීකියනගේ සහෝදරයා ඝාතනය කර ජුනි මස 24 දිනට වසර 36 ක් ගත ව තිබේ.
ඝාතනයට ලක්වන විට 28 වියේ පසු වූ ග්‍රේෂන් ගීකියනගේ දශකයක පමන කාලපරිච්ඡේදයක් පුරා ඔහු වාසය කල හලාවත ප්‍රදේශයේ කම්කරුවන්, ධීවරයන් සහ තරුනයන් විකොස ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයෙන් සන්නද්ධ කිරීමට ධෛර්යමත්ව සටන් වැද සිටියේ ය.
ජවිපෙ ඝාතකයන්ගේ ඉලක්කය වූයේ එවක විකොස මධ්‍යම කාරක සභිකයෙකු වූ ග්‍රේෂන්ගේ වැඩිමහල් සොහොයුරා වූ නිහාල් ගීකියනගේ ය. 1989 ජුනි 23 දා සවස හලාවත, තොඩුවාවේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිනි තුවක්කුකරුවන්, තමන් පැමිනියේ නිහාල් ගීකියනගේ හට ලිපියක් භාර දීමට යයි පවසමින් ඔහු ගැන විමසා සිටියේ ය. පැමින සිටි අය ගැන සොයා බැලීමට ඔවුන් හමුවට ගිය ග්‍රේෂන් නිහාල් නිවසේ නොමැති බැවින් අදාල ලිපිය තමාට දෙන ලෙස ඉල්ලා සිටිමින් ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමත් සමග තුවක්කුකරුවෝ ග්‍රේෂන්ට වෙඩි තැබූහ. ග්‍රේෂන්ගේ උදරයට හා මුහුන ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල විය. යතුරු පැදියකින් පැමිනි වෙඩික්කරුවන් දෙසට ගිය ග්‍රේෂන්ගේ මව දෙසට ද වෙඩි තැබූ මැරයෝ පලා ගියහ.
මරනීය තුවාල ලබා නොසිටි ග්‍රේෂ්න් 24 දා සවස මරනයට පත් වූයේ රෝහල් බලධාරීන් විසින් හදිසි ශල්‍යකර්ම ප්‍රමාද කරනු ලැබීම හේතුවෙනි.
ග්‍රේෂන් ඝාතනය හුදකලා සිද්ධියක් නොවී ය. එය, 1987 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි ව ඉන්දියානු විරෝධී සිංහල ස්වෝතමවාදී උද්ඝෝෂනයක් ආරම්භ කරමින් ජවිපෙ “මව්බිම” රැකීමේ නාමයෙන් ධනපති පන්තියේ කොටස් ද සම්බන්ධ කර ගනිමින් කම්කරු පන්තිය ඉලක්ක කර ගෙන ගෙන ගිය පලල් ෆැසිස්ට් භීෂන ව්‍යාපාරයක කොටසකි. ජවිපෙ ඝාතන සිදු කල ‘දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය’ තුල එවක අගමැති ව සිට පසු ව ජනාධිපති වූ රනසිංහ ප්‍රේමදාස ඇතුලු පාලක එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ප්‍රමුඛයෝ ද සම්බන්ධ ව සිටියහ. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය නිරායුධ කිරීම පිනිස උතුරු හා නැගෙනහිර පලාත්වලට ඉන්දියානු හමුදාව මැදිහත් කර වූ ඉන්දු-ලංකා ගිවිසුම “මව්බිම පාවාදීමක්” ලෙස හෙලා දුටු ජවිපෙ, එයට එරෙහි ව ස්වෝත්තමවාදී ෆැසිස්ට් උද්ඝෝෂනයක් ගෙන ගියේ ය.
එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආන්ඩුව ජවිපෙ ෆැසිස්ට් උද්ඝෝෂනය ඩැහැ ගත්තේ, ඉන්දු-ලංකා ගිවිසුම යටතේ දිවයිනේ දකුනු ප්‍රදේශවලට නිදහස් කර ගැනුනු මිලිටරිය ගම්බද කැරලිකාරී වෙමින් සිටි තරුනයන්ට එරෙහි ලේ වැකි මර්දනයක් සදහා මුදහැරීමට යි. විකොස, ජවිපෙ පැසිස්ට් භීෂනයට සහ ආන්ඩුවේ මිලිටරි තර්ජනයට එරෙහි ව කම්කරු පන්තික සංවිධානවල එක්සත් පෙරමුනක් ගොඩනැගීම සඳහා උද්ඝෝෂනයක් ගෙන ගියේ ය.
තුවක්කු මානා ගත් ජවිපෙ ෆැසිස්ට් නඩ සිය ස්වෝත්තමවාදී සටන් පාඨ මත කැඳ වූ වැඩ වර්ජනවලට කම්කරුවන් බලයෙන් මෙහෙය වූ අතර ඔවුන්ගේ නියෝග ප්‍රතික්ෂේප කල දේශපාලන විරුද්ධවාදීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, කලාකරුවන් ඇතුලු කිහිප දහසක් ජවිපෙ වෙඩික්කරුවන් විසින් ඝාතනයක කරන ලදහ.
ග්‍රේෂන්ට අමතර ව තවත් විකොස ප්‍රමුඛ සමාජිකයන් දෙදෙනෙකු වූ වැලිමඩ හගුන්නාවේ පදිංචි ව සිටි නැටුම් ගුරුවරයෙකු වූ ආර්.ඒ. පිටවෙල 1988 නොවැම්බර් 12 දා ද පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවකයෙකු වූ පී. ගුනපාල එම වසරේ ම දෙසැම්බර් 23 දා ද ජවිපෙ තුවක්කුකරුවන් විසින් මරා දමන ලදහ. මෙම විකොස සාමාජිකයන් තිදෙනා ඝාතනය කරන ලද්දේ, එජාප ආන්ඩුවටත් එය ගෙන ගිය දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයටත් එරෙහි ව සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් සමාජවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් හා ක්‍රියාමාර්ගයක් මත ඒකාබද්ධ කිරීමට ඔවුන් සටන් කල නිසා ය.
දිවයිනේ විවිධ ප්‍රදේශවල කම්කරුවන්, තරුනයන් හා ගම්බද ජනයා අතර සමාජවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය සහ ක්‍රියාමාර්ගය සඳහා විකොස ගෙන ගිය සටනේ කොටසක් ලෙස හලාවත ප්‍රදේශයේ අප සාමාජිකයෝ තොඩුවාව ලිවර් බ්‍රදර්ස්, මාදම්පේ හේකාබ් ඇතුලු වැඩබිම්වල කම්කරුවන් සහ ප්‍රදේශයේ ධීවරයන් අතර දේශපාලන අරගලයේ යෙදුනහ. ලිවර් බ්‍රදර්ස්හි සියයක පමන කොන්ත්‍රාත් කම්කරුවන්ගේ රැකියා ස්ථීර කර ගැනීමේ අරගලයට විකොස සාමාජිකයෝ මූලිකත්වය ගත්හ. ප්‍රදේශයේ ධීවරයන් අතර විකොස ගොඩනැගූ සමිතිය නවතා දමන්නැයි දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයෙන් මරන තර්ජන එල්ල කර තිබුන ද පක්ෂයේ අරගලය ඉන් නතර කල නොහැකි විය.
ජවිපෙ පමනක් නොව 2012 වසරේ දී ඉන් සංවිධානාත්මක ව භේද වූ කන්ඩායමක් විසින් පිහිටුවන ලද ව්‍යාජ-වාම පෙරටුගාමි සමාජවාදී පක්ෂය (පෙසප) ද 88-89 වකවානුව තුල ජවිපෙ ගෙනගිය ෆැසිස්ට් ඝාතන ව්‍යාපාරය පිලිබඳ තතු වසන් කරමින් ඒවා “වීරෝධාර” හා “විප්ලවවාදී” සටන් ලෙස හුවා දක්වයි. ඇතැම් අවස්ථාවල, එම ඝාතන එජාප ආන්ඩුව විසින් මුදාහැරී මර්දනය හේතුවෙන් තමන්ට සිදු කිරීමට බල කෙරුනු ඒවා යයි කියාපාමින් ඒවා යුක්තියුක්ත කරති.
ලංකාවේ උතුරු ප්‍රදේශවල බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊය) හා දකුනු ප්‍රදේශවල ජවිපෙ බදු සුලු ධනේශ්වර ජාතිකවාදී සංවිධානවල නැගීමට පදනම සැකසුනේ, එවක ට්‍රොට්ස්කිවාදී යයි කියාගත් ලංකා සම සමාජ පක්ෂය (ලසසප), 1964 ජූනි මාසයේ දී සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය පිලිබද ට්‍රොට්ස්කිවාදී මූලධර්ම විවෘතව පාවාදෙමින් අගමැති සිරිමා බන්ඩාරනායකගේ ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමග හවුල් ආන්ඩුවකට ඇතුලු වීම මගිනි. ලසසපයේ මෙම මහා පාවාදීම හේතු කොට ගෙන කම්කරු පන්තිය පිලිබද විශ්වාසය බිදී අපේක්ෂාභංගත්වයට පත් දිවයිනේ දකුනු ප්‍රදේශවල ගම්බද සිංහල තරුනයන් මත පාදක වෙමින් 1960 ගනන් අගභාගයේ ජවිපෙ ඉස්මත්තට ආවේ ය.
1988-90 කාලපරිච්ඡේදයේ ජවිපෙ ගෙන ගිය ඝාතන ව්‍යාපාරය ඇතුලු ව එහි පිලිවෙත් ගලා ආවේ ජවිපෙ පදනම් වූ සුලු ධනේෂ්වර ජාතිකවාදී දේශපාලනයෙනි. ජවිපෙ ආරම්භක වැඩපිලිවෙල මාඕවාදී-ගුවේරාවාදී සුලු ධනපති ගරිල්ලාවාදය සහ සිංහල දේශප්‍රේමිත්වය ඇතුලත් සාරසංග්‍රහවාදයකි.
1968 දී විකොස පිහිටුවනු ලැබූවේ, 1964 දී ලසසප සිදුකල මහා පාවාදීමට එරෙහිව ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ආරක්ෂා කිරීමට සටන් වැදුනු හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ලංකා ශාඛාව ලෙසයි. විකොස සිය අරගලය පදනම් කලේ 1917 ඔක්තෝබර් විප්ලවයට ලෙනින් සමග සම නායකත්වය දුන් ලියොන් ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කරන ලද නොනවතින විප්ලව න්‍යාය මතයි. එනම්, ධනේශ්වර සංවර්ධනය කල්පමා වූ විජිත හා අර්ධ විජිත රටවල ජාතික විමුක්තිය සාක්ෂාත් කරගැනීම, ගොවි ජන ප්‍රශ්නය විසදීම හා පීඩිත ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් සහතික කිරීම ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් සපුරාලීමට එම රටවල ධනපති පන්තීන් කිසිසේත්ම සමත් නොවන අතර එම කර්තව්‍යයන් ඉෂ්ඨ කිරීමට සමත් වන්නේ, ගොවි ජනතාව ඇතුලු සෙසු පීඩිතයන් තමන් වටා රැලි කරගන්නා කම්කරු පන්තිය යි. ඒ ධනපති පන්ති පාලනය පෙරලා දමා කම්කරු පන්තියේ රාජ්‍ය බලය පිහිටුවා සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දැමීමෙනි.
ජවිපෙ රැඩිකල් සුලුධනේශ්වර දේශපාලනයට එරෙහි ව විකොස කල අරගලයේ වැදගත් ප්‍රතිපදානයක් වුයේ 1970 දී එවකට විකොස ප්‍රධාන ලේකම් වූ කීර්ති බාලසූරිය විසින් ලියන ලද ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය සහ පන්ති ස්වභාවය නම් කෘතිය යි.
එම කෘතිය, ලංකාවේ සිංහල ගොවියන්ට වැඩි “වරප්‍රසාදිත” තත්වයක් වතු කම්කරුවන් භුක්ති විඳින බවත් එය “ඉන්දියානු ව්‍යාප්තවාදයේ” කොටසක් බවටත් ප්‍රකාශ කල ජවිපෙ වතු කම්කරු විරෝධය සමස්ත කම්කරු පන්තියට එරෙහි ධනපති පාලක පන්තිය වෙනුවෙන් සේවය කරන අනාගත ෆැසිස්ට් ව්‍යාපාරයක අන්තරාය ගැබ්කර ගන්නා බව පෙර දුටුවේ ය.
1970 දී ශ්‍රීලනිප-ලසසප- ස්ටැලින්වාදී කොප බලයට එන ඒමට සහාය දුන් ජවිපෙ 1971 අප්‍රේල් අතිධාවනකාරී කැරැල්ලකට තරුනයන් මෙහෙයවී ය.
ජවිපෙ සුලු ධනේශ්වර දේශපාලනයේ මූලයන් සම්බන්ධ විශ්ලේෂන කල විකොස ජවිපෙ නායකයින් සිරගතකර එහි සාමාජිකයන්ද ඇතුලු 15,000ක් පමන තරුනයන් ඝාතනය කල සභාග ආන්ඩුව ගෙන ගිය මර්දනයට එරෙහි වෙමින් දේශපාලන සිරකරුවන් නිදහස් කරනු! ලෙස ගෙන ගිය උද්ඝෝෂනය කම්කරු පන්තිය තුල බලගතු සහයෝගයක් දිනා ගත්තේ ය.
1977 දී සභාග ආන්ඩුව අන්ත පරාජයකට පත් කරමින් බලයට පත් ජේ.ආර්. ජයවර්ධනගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) ලංකාව ගෝලීය ප්‍රාග්ධනයට විවෘත කරමින්, පැවති සීමිත ජනසතු දේපල පෞද්ගලීකරනය කරමින් ද, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය කාබාසිනියා කරමින් ද කම්කරු පන්තිය මත පලල් ප්‍රහාරයක් දියත් කලේ ය. මෙම ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස කම්කරුවන් 1980 ජූලියේ මහ වැඩවර්ජනයකට ගමන් කල අතර ජයවර්ධන ඊට ප්‍රතිචාර දැක්වූයේ ලක්ෂයක් රාජ්‍ය සේවකයන් රැකියාවලින් දොට්ට දැමීමෙනි.
ලසසපයේ, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ, නව සම සමාජ පක්ෂයේ සහ වෘත්තීය සමිති නිලධරයන්ගේ පාවා දීම තිබිය දී නමුත් ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ව සිංහල දෙමල කම්කරුවන්ගේ එක්සත් අරගල භේද භින්න කිරීම අවශ්‍ය බව ගනන් බැලූ ජයවර්ධන, පෙර ආන්ඩු ක්‍රියාවට දැමූ සහ ඔහුගේ ආන්ඩුව යටතේ අඛන්ඩ ව ඉදිරියට ගෙන ගිය දෙමල ජනයාට එරෙහි වර්ගවාදී වෙනස්කම් කිරීමේ පිලිවෙත යුද්ධයක් දක්වා තීව්‍ර කිරීමට 1983 ජූලියේ දී කටයුතු කලේ ය.
යුද්ධයෙන් ලත් පරාජයන් හා ආන්ඩුවට එරෙහි පලල් මහජන වෛරය හමුවේ 1987 ඉන්දියාවේ රජිව් ගාන්ධි තන්ත්‍රය සමග ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කල ජයවර්ධන ලක්ෂයක ඉන්දියන් හමුදා උතුරු-නැගෙනහිර ප්‍රදේශවලට ගොඩබස්සමින් දෙමල ජනතාවට එරෙහි වර්ගවාදී යුද්ධය තීව්‍ර කරන අතරවාරයේ, ලංකාවේ හමුදාව දකුනේ කම්කරු පන්තිය හා තරුන ජනයා මැඩීමට මෙහෙයවී ය.
1988-90 සමයේ ගම්බද වැඩෙමින් පැවති පෙරලිකාරිත්වය සිංහල වර්ගවාදී මාවතක් ඔස්සේ අවමංගත කරමින්, ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි ව “මව්බිම නැත්නම් මරනය” යන සටන්පාඨය යටතේ ස්වෝත්මවාදී ව්‍යාපාරයක් ගෙන ගිය ජවිපෙ, එය හරහා ජයවර්ධනගෙන් පසු ව බලයට පැමිනි ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ එජාප ආන්ඩුව සමග කේවලයකට යමින් දේශපාලන විරුද්ධවාදීන්ට හා වෙසෙසින්ම කම්කරුවන්ට විරුද්ධ ව, අර්බූද ග්‍රස්ත ධනපති පන්තිය වෙනුවෙන් සේවය කරන ෆැසිස්ට් මුගුරක් ලෙස වැඩට බැස්සේ ය. 1989 අග භාගයේ දී, ජවිපෙ සමග උපාමරු අවසානයකට ගෙන ඒමට තීන්දු කල ජනාධිපති ප්‍රේමදාස ප්‍රමුඛ එජාප තන්ත්‍රය ඊට එරෙහි ව හැරුනු අතර හැට දහසකට අධික ගම්බද තරුනයන් ඝාතනයට රාජ්‍ය හමුදා, පොලිසි හා විවිධ මැර නඩ මුදා හැරියේ ය. එවක ජවිපෙ නායකයන් සියල්ලම මෙන්ම, දිවිගලවා ගෙන පලාගිය කොටසක් හැර බහුතර සාමාජිකත්වය මෙම මිනීමරු දඩයමට ගොදුරු විය.
1990 දශකයේ මැද ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ කොටස්වල ආශිර්වාදය යටතේ යලි දේශපාලන කරලියට පැමිනි ජවිපෙ වර්ගවාදී යුද්ධයටත්, බලයට පත් සෑම ධනපති ආන්ඩුවකට ම පාහේත් සහයෝගය ලබා දුන්නා පමනක් නොව එල්ටීටීඊයට එරෙහි යුද්ධයට සහාය පැතීමේ දී එක්සත් ජනපද තානාපති කාර්යාලවලට රිංගා ගනිමින් අධිරාජ්‍යවාදී බලයන්ගේ පිටුබලය ලබා ගැනීමට ජවිපෙ නායකයෝ පෙරමුන ගත්හ. ජවිපෙ, ලංකාවේ ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය වී ගත්තේ ඒ ආකාරයෙනි.
2022 මහජන නැගිටීම ධනපති පන්ති පාලනයට තර්ජනයක් නොවන ලෙස අපසරනය කොට පාර්ලිමේන්තු අන්තර්-වාර ආන්ඩු උගුලක් තුල සිර කිරීමේ දී ජවිපෙ සෙසු ධනපති පක්ෂ, වෘත්තීය සමිති නිලධරය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම පක්ෂ සමග එක්ව ප්‍රධාන ක්‍රියාකලාපයක් ඉෂ්ඨ කලේ ය. කම්කරු පන්තිය ප්‍රමුඛ මහජනතාවගේ අරගලය මගින් ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ඇද වැටුන ද එජාප නායක එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රමුඛ ඒජන්ත රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවට ගෙනඒමට පාලක පන්තියට හැකි වූයේ එම තතු යටතේ ය.
සසප අද දින ග්‍රේෂන් සහෝදරයා හා පිටවෙල, ගුනපාල යන සහෝදරවරු සමරන්නේ ජවිපෙ නායකත්වය යටතේ පවතින ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුවක් ලංකාවේ ධනපති පන්ති පාලනය අතට ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමමින් කම්කරු පන්තියේ හා තරුන ජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් මත ප්‍රහාර එල්ල කරමින් තිබෙන තත්වයක් තුලයි. එපමනක් නොව, ජවිපෙ/ජාජබ ආන්ඩුව ඉන්දියාව සමග නව ආරක්ෂක ගිවිසුම් අත්සන් කරමින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එහි කලාපීය හවුල්කරු ඉන්දියාව චීනයට එරෙහිව වර්ධනය කරන යුද සූදානම සමග ගාල් වී සිටී.
ජවිපෙ ඉතිහාසය හා එහි දක්ෂිනාංශික ගමන් මග පිලිබඳවත්, ග්‍රේෂන් සහෝදරයා දිවිහිමියෙන් සටන්වැදි විකොස/සසප සමාජවාදී ජාත්‍යන්තරවාදය සදහා වන අරගලයේත් තීරනාත්මක දේශපාලන පාඩම්, වර්තමානයේ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ව අරගලයට පිවිසෙන කම්කරුවන් තරුනයන් හට සුවිශාල වැදගත්කමක් දරයි.